සියලුම විද්‍යාර්ථීන් සිය සේවාස්ථ පුහුණුව ඉල්ලුම් කිරීමේ ලිපිය ලබා ගැනීම සඳහා ඔබ විසින් ඔබගේ සම්පුර්ණ නම, ලියාපදිංචි අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා ඔබ විසින් සේවාස්ථ පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තු වන ආයතනයේ නිවැරදි ලිපිනය හා ආමන්ත්‍රණය කල යුත්තේ කාහටද යන කරුණු ඇතුලත්ව ඉල්ලීම් ලිපියක් සහකාර ලේකඛාධිකාරී, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය වෙත යොමු කල යුතුය.
ඔබ මෙම ඉල්ලීම් ලිපිය ලබා ගැනීමට දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය වෙත පැමිණීමට පෙර දින ඔබගේ අත්සන සහිත ඉල්ලීම් ලිපියෙහි scan පිටපතක් dceu@admin.ruh.ac.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන මෙන් දන්වා සිටී.
දැනට ආයතනයක සේවය කරන හෝ නොකරන, එනම් සියලුම සිසුන් දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයෙන් මෙම ඉල්ලීම් ලිපිය ලබා ගත යුතුය. ඔබ විසින් අදාල ආයතනයට එම ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසුව, එම අදාල ආයතනයේ සේවාස්ථ පුහුණුව ලබා ගන්නා බවට සනාථ කරන ලද ලිපිය සහකාර ලේකඛාධිකාරී, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය වේ.
ඉහත තොරතුරු මත සීමාවාසික පුහුණුවට අදාල ඉල්ලීම් ලිපිය දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයෙන් නිකුත් කරනු ලැබේ.















