මනෝවිද්‍යාත්මක උපදේශනය යනු යම් ගැටලූවකට මැදිහත් වී ඇති පුද්ගලයකුට ඔහු සතු ශක්තීන් තුළින්ම ගැටලූවෙන් මිදීමේ හැකියාව ලබා දෙන යාන්ත්‍රණයකි. ඇතැම් විට මෙය පුද්ගල හෝ සමාජ ප්‍රශ්නයක් විය හැකිය. බොහෝ විද්වතුන් සඳහන් කරන පරිදි පුද්ගලයන්ට විවිධ අවස්ථාවල දී මුහුණ දීමට සිදුවන ජීවන ගැටලූ, පරාජයන් හා පීඩන හමුවේ නොසැලී සිටීමට හා ඒවාට විසදුම් සපයා ගැනීමට උපදේශනය සාර්ථකව ප්‍රයෝජනවත් වී තිබේ. උපදේශනය වනාහී පුද්ගලයන් ගැටලූවලට මැදිහත් වීමේ දී පමණක් උපකාරී වන්නක් නොවේ. පුද්ගලයන් තුළ සැඟවී ඇති දකෂතා වර්ධනය කර ගැනීමට, තමාගේ අනාගත ගමන් මාර්ගය සැලසුම් කර ගැනීමට, අතීත හා වර්තමාන ගැටලූ තුළින් අනාගත අපේකෂා වර්ධනය කර ගැනීමට ද උපදේශනය මහෝපකාරී වේ. තමා තුළින් ම තමාව හදුනා ගැනීම කෙරෙහි මනෝවිද්‍යාත්මක උපදේශනය ප්‍රබල හේතුකාරකයක් වී ඇත. මේ අනුව මනෝවිද්‍යාත්මක උපදේශනය යනු ඒ හා සම්බන්ධ අධ්‍යාපනය ලබා දීමක් පමණක් නොවේ.
එය පුද්ගල ගැටලූ විසඳීමට හා පුද්ගල පෞරුෂය වර්ධනය කිරීමට උපකාර වන සාර්ථක මැදිහත් වීමකිිි. එබැවින් සාර්ථක උපදේශන මැදිහත්කරුවෙක් සතුව එම විෂය සම්බන්ධව මනා දැනීමක් හා පුහුණුවක් පැවතීම වැදගත් වේ.
මෙම අවශ්‍යතාවයන් සපුරාගැනීම අරමුණු කර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මගින් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සංවිධානය කරනු ලබයි.
පහත සඳහන් අවශ්‍යතා සපුරාලන ලද ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා සහතික පත්‍රය ලැබීමට සුදුසුකම් ලබති.
අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය මඟින් තෝරාගනු ලැබේ. තෝරාගත් අයදුම්කරුවන් ලියාපදිංචි වීමේදී පාඨමාලා ගාස්තුවෙන්, පළමු වාරිකය රු: 35000.00 ක් ගෙවිය යුතු අතර ඉතිරිය පාඨමාලාව ආරම්භ වී මාස තුනක් ඇතුළත ගෙවීම අනිවාර්ය වේ.
* ඉහත පාඨමාලා ගාස්තු 2018 වර්ෂයහි පාඨමාලාව බඳවා ගැනීම් සඳහා අඳාල වේ. ඉදිරි වර්ෂ සඳහා මෙම ගාස්තු වෙනස් විය හැකි බව සලකන්න.
Lecture Panel