4th Awarding Ceremony - Diploma and Certificate



Live Streaming – 4th Diploma and Certificate Awarding Ceremony

2026.02.13

You can watch the award ceremony live on YouTube tomorrow (14th) from 8.30 a.m.

4 වැනි ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - උපදෙස්

2026.02.13

රුහුණ විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මඟින් පවත්වනු ලබන 4 වන ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 14 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ දී ලබා දුන් වාහන අවසර පත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුහුණ විශ්වවිද්‍යාලය අසළ ලංකා බැංකු ශාඛාවේ රථ ගාල තුළ රථ වාහන නැවැත්වීමට අවසර ලැබෙනු ඇත.

එදින පෙ.ව. 8.00 වන විට සියළුම ඩිප්ලෝමා සහ සහතිකපත්‍රලාභීන් රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඉදිරිපිටට, ඔබ වෙත ලබා දී ඇති අනුක්‍රමික අංකය ලෝගුවේ වම් පස පැළඳ, අනුක්‍රමික අංකයේ අනුපිළිවෙළට පෙළ ගැසිය යුතුය. පෙරහැර ආරම්භ වූවාට පසු පැමිණෙන කිසිවකු ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සඳහා උත්සව ශාලාවට ඇතුළත් කරගනු නොලැබේ.

ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සව වේදිකාවේ දී ඉදිරිපත් කරන නම පහත ඇමිණුම මඟින් ලබා ගත හැකිය අතර එම ඇමිණුමේ සඳහන් ආකාරයට ඔබගේ නම ප්‍රකාශයට පත් වන විට වේදිකාවට පිවිස සහතිකපත්‍ර ෆෝල්ඩරය උපකුළපතිතුමා අතින් ලබා ගත යුතුය.

ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝතසවය අවසන් වූ පසු එදිනම හෝ එදින සිට සති දෙකක් ඇතුළත ලෝගුව සහ කර පළඳනය (බෑන්ඩ්) නැවත භාර දී අදාළ රිසිට්පත හා සහතිකය ලබා ගත හැකිය.

Stage Announcement Name

Videography – 4th Diploma and Certificate Awarding Ceremony, University of Ruhuna

2026.02.12

Capture every special moment of your big day!

The awarding ceremony will be professionally recorded by Naumi Studio, Matara, using four professional video cameras to ensure complete and high-quality coverage from beginning to end.

Awardees who wish to obtain the video may do so at a cost of LKR 700.00.
Please bring a USB pen drive to collect your copy of the video.

Orders can be placed on the day of the ceremony or in advance by contacting: 📞 Naumi Studio – +94 71 951 8009

4 වැනි ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - පෙරහැර අංක සහ ඡායාරූපකරණය සඳහා අනුමත වී ඇති මිල ගණන්

2026.02.06

ඩිප්ලෝමා සහ සහතික ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට අදාළ පෙරහැර අංක පහත ඇමුණුම හරහා ලබා ගත හැක. තවද, ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ ඡායාරූප ලබා දීම නයුමි ස්ටුඩියෝ ආයතනය විසින් සිදුකරනු ලබයි. ඡායාරූප ලබා දීම සඳහා නයුමි ස්ටුඩියෝ ආයතනය විසින් ඉදිරිපත් කර ඇති අනුමත මිල ගණන් වේදිකා ඡායාරූප සඳහා ඇමිණුම 01 හා ඡායාරූපාගාර සඳහා ඇමිණුම 02 හි ද ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

සැලකිය යුතුයි: ඡායාරූප සඳහා බිල්පත් නිකුත් කිරීම ලෝගු නිකුත් කරන දිනයෙහි සහ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පවත්වනු ලබන දිනයෙහි විශ්වවිද්‍යාලය තුළදී පමණක් සිදු කරනු ලබයි.

Procession Numbers Price List

4 වැනි ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - ලෝගු සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම

2026.02.06

2026 පෙබරවාරි 14 වැනි දින පැවැත්වීමට නියමිත 4 වැනි ඩිප්ලෝමා සහ සහතික ප්‍රදානෝත්සවය සඳහා ප්‍රවේශ පත්‍ර, ලෝගු හා බෑන්ඩ් 2026 පෙබරවාරි 07 වැනි දින දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ දී (බුදු පිළිමය අසල) නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා පැමිණිය යුතු වේලාවන් පහත ඇමුණුම හරහා ලබා ගත හැකි අතර එදිනට ඡායාරූප ලබා ගැනීම සඳහා ඇණවුම් කිරීමට හා මුදල් ගෙවීමට ද අවශ්‍ය පහසුකම් ඔබට සලසා ඇත.

අදාළ දිනයෙහි සියළුම ඩිප්ලෝමා සහ සහතිකපත්‍රලාභීන් දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයට පැමිණ ප්‍රවේශ පත්‍ර, ලෝගු හා බෑන්ඩ් ලබා ගන්නා ලෙසට දන්වා සිටිමි.

සැ.‍යු. ප්‍රවේශ පත්‍ර, ලෝගු හා බෑන්ඩ් ලබා ගැනීම සඳහා අදාල ගෙවීම් සිදු කර තිබිය යුතුය. ඔබගේ ගෙවීම් විශ්වවිද්‍යාලය වෙත ලැබීම, ලියාපදිංචි වූ වෙබ් අඩවිය හරහා තහවුරු කර ඇති අතර එසේ තහවුරු කර නැති සිසුන් අදාල ගෙවීම් වවුචර්පත රැගෙන එන මෙන් ඉල්ලා සිටී.

Cloak Issuing Schedule

4 වැනි ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය

2026.01.26

රුහුණ විශ්වවිද්‍යාලීය ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 14 දින පැවැත්විමට නියමිතය. ඒ අනුව මෙවර ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදී සහතික ලබා ගැනීමට සුදුසුකම් ලබන පහත ලේඛනයේ නම් සදහන් සියලුම ඩිප්ලෝමා සහ සහතිකපත්‍රලාභීන් 2026.02.02 දින හෝ ඊට පෙර පහත දක්වා ඇති යොමුව හරහා ලියාපදිංචි වී පහත වගුවේ දක්වා ඇති පරිදි අදාළ ගාස්තු ගෙවීම් සිදුකල යුතුය. ඔබ මෙම ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගි නොවුවද අදාළ ගාස්තු ගෙවිය යුතුය.


මුදල් ගෙවීමට අදාළ ගෙවීම් වවුචර්පත ලියාපදිංචි වන පහත වෙබ් අඩවිය හරහා බා ගත කර ගත යුතුය. තවද, මාර්ගගත ගෙවීම් සිඳුකල හැකි අතර එම තොරතුරු ද ලියාපදිංචි වන පහත වෙබ් වෙබ් අඩවිය හරහා ලබාගත හැක.

ඩිප්ලෝමා සහ සහතික ප්‍රදානෝත්සවයට අදාල සියලු තොරතුරු www.dceu.ruh.ac.lk වෙබ් අඩවිය ඔස්සේ සිසුන් වෙත දැනුම් දෙනු ලබන අතර වෙබ් අඩවිය ඔස්සේ දිනපතා සම්බන්ධ වී යාවත්කාලින වන මෙන් දන්වා සිටිමි. යම් ගැටලුවක් වෙතොත් 041 2223133 හරහා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන මෙන් දැනුම් දෙනු ලැබේ.



Student Name List Notice Registration Pay Online