Convocation - 2025 December



2025.12.11

උපාධි ප්‍රධානොත්සවය - උපදෙස්

රුහුණ විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ දී පවත්වනු ලබන උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් 10, 11 සහ 12 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2024 අධ්‍යයන වර්ෂයේ දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිලාභීන් වෙත උපාධි පිරිනැමීම පහත සඳහන් වේලාවට ආරම්භ වීමට නියමිතය.

දිනය : 2025.12.12
සැසි අංකය : 7 වන සැසිය
වේලාව : ප.ව. 4.30

එදින පස්වරු 3.00 ට උපාධිලාභීන්ගේ පෙරහැර ආරම්භ කරන රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඉදිරිපිට ඔබ වෙත ලබා දී අනුක්‍රමික අංකයේ අනුපිළිවෙලට පෙළ ගැසිය යුතු ය. උපාධිලාභීන්ගේ පෙරහැර ආරම්භ වූවාට පසු පැමිණෙන කිසිවෙකු උපාධි ප්‍රදානෝත්සවය සඳහා උත්සව ශාලාවට ඇතුළත් කර ගනු නො ලැබේ.

01. උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ආකාරය

උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන පිරිමි උපාධිලාභීන් ජාතික ඇඳුමින් හෝ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී සිටිය යුතුය. කාන්තා උපාධිලාභීන් පෙරදිග සිරිතට අනුව විචිත්‍ර වර්ණයෙන් හා උත්සව විලාශයෙන් සාරියක්/ඔසරියෙන් සැරසී පැමිණිය යුතුය. ඔබ වෙත ලබා දී ඇති අනුක්‍රමික අංකය උපාධි කබායේ වම්පස පැලදිය යුතු වේ.

02. උපාධි ලෝගු හා මාල ආපසු බාර දීම සහ සහතික නිකුත් කිරීම

උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන දිනයේ දී හෝ උපාධී ප්‍රදානෝත්සවය නිම වී සති දෙකක් ඇතුළත උපාධි ලෝගුව, මාලය, හිස්වැසුම සහ අදාළ අයඳුම්පතෙහි ඉතිරි කොටස (FORM B)සමඟ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ භාරගන්නා නිලධාරි/ ගබඩා භාරකරු වෙත භාර දී , භාරදුන් බවට අදාළ රිසිට් පත ලබාගත යුතු අතර, එසේ භාරදුන් බවට ශිෂ්‍ය වාර්තා පොතෙහි ද සහතික කර ගත යුතුය. එම කාලසීමාව ඉකුත් වීමෙන් අනතුරුව ප්‍රමාද වන සෑම දිනයක් සඳහා ම දිනකට රු.250/- බැගින් වන ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු වේ. තව ද ඒවා ඔබ බාරයේ තිබියදී යම් අලාභයක් හෝ හානියක් සිදු වී ඇත්නම් ඒවායේ සම්පූර්ණ වටිනාකම හා ඊට අතිරේකව එම වටිනාකමින් 25%ක ගාස්තුවක් ද ගෙවිමට සිදුවනු ඇත.

03. සැලකිය යුතු කරුණු

මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී ඔබට ලබා දෙන්නේ තාවකාලික සහතික පත්‍ර රඳවනයකි. එබැවින් සහතික පත්‍ර රඳවනය උපාධි ලෝගු සහ මාල ආපසු භාර දෙන අවස්ථාවේ විශ්වවිද්‍යාලයට භාර දීමට කටයුතු කරන්න. ඔබට ලබා දීමට නියමිත ස්ථිර සහතික පත්‍ර රඳවනය උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව ලබා දීමට කටයුතු කරනු ඇත.

04. උපදෙස්

  1. ලබා දී ඇති ආරාධනා පත්‍ර දෙමාපියන් විසින් රැගෙන ආ යුතු අතර එය ඇතුල්වීමේදී ඉදිරිපත් කළ යුතුය.
  2. සියලුම ආරාධිතයින්, ඇරයුම් පතේ සඳහන් වේලාවට පෙර තම අසුන්වල අසුන් ගත යුතුය.
  3. උපාධි ප්‍රදානෝත්සව සභාව පැවැත්වෙන අතරතුර කිසිවෙකු ශාලාවට ඇතුල්වීම හෝ ඉන් පිටවීම නොකළ යුතුය.
  4. වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට උපාධි ප්‍රදානෝත්සව ශාලාවට ඇතුල් වීමට අවසර දෙනු නොලැබේ.
  5. ශාලාව තුළ දුම්පානය සහ ආහාර පාන ගැනීම තහනම් වේ.
  6. පූජ්‍ය කුලපති ස්වාමීන් වහන්සේ ඇතුළු පෙරහැර සම්ප්‍රාප්ත වන අවස්ථාවේදී සභාවේ සිටින සියලු දෙනා නැගී සිටිය යුතු අතර, උන්වහන්සේ අසුන් ගන්නා තෙක් අසුන් වලින් නැගී සිටිය යුතුය.
  7. පූජ්‍ය කුලපති ස්වාමීන් වහන්සේ විසින් උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිමා කිරීමෙන් පසු නැවත අසුන් වලින් නැගී සිටිය යුතු අතර, එතුමන් සහ කාර්ය මණ්ඩලය ශාලාවෙන් පිටව යන තෙක් සිටගෙන සිටිය යුතුය.
  8. උපාධි ප්‍රදානෝත්සවය නිමාවට පත්වන තෙක් කිසිවෙකුත් ශාලාවෙන් පිටතට නොයා යුතුය.
  9. ජංගම දුරකථන සහ කැමරා ශාලාව තුළට රැගෙන ඒම තහනම් වේ.
  10. උපාධි ප්‍රදානෝත්සව සභාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පැමිණෙන උපාධිලාභීන්, දෙමාපියන් සහ අනෙකුත් ආරාධිතයින්ට ශාලාවට ඇතුල් වීමට අවසර දෙනු නොලැබේ.

මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවන ලෙසට ඔබට මෙයින් ආරාධනා කරන අතර උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ කාරුණික සහයෝගය හුදෙක් ම අපේක්ෂා කරනු ලැබේ.

Photographers studio Locations


විශේෂ නිවේදනයයි!

2025.12.01

සියලුම උපාධි අපේක්ෂකයින් වෙත,

ඔබ සැම ආරක්ෂිතයි කියා බලාපොරොත්තු වන අතර ස්වාභාවික විපත් බලපෑමට ලක් වූ සැමට ඉක්මන් සුවපත් වීම ප්‍රාර්ථනා කරමි.

සියලුම අපේක්ෂකයින් හට 2025.12.02 යන දිනයන්හිදී උපාධි ඇදුම් කටිටලය හා ප්‍රවේශ පත්‍ර ලබාදිමද සිදු කරනු ලැබේ. විශේෂ හේතුවක් නොමැති සැම දෙසැම්බර් 02 දින හි උපාධි ඇඳුම් කට්ටල ය හා ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට කරුණික වන ලෙස දන්වා සිටී.

දෙසැම්බර් මස 02 දින පැමිණිට අපහසු අපදා තත්වයට ලක්වු උපාධි අපේක්ෂකයින් සිටි නම් ඔවුන්ට දෙසැම්බර් මස 06 දින දක්වා (04 වන දින හැර) උපාධි ඇදුම් කටිටලය හා ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක. ඒ පිලිබද තොරතුරු ඒකකය හරහා ලබා ගත හැක.( වැඩිදුර තොරතුරු හා දුරකතන අංක පහත ඇමුණුමෙහි දක්වා ඇත ).

Contact Details


විශේෂ නිවේදනයයි!

2025.11.27/ 11.44 pm

රට තුළ පවතින අයහපත් කාළගුණ තත්වය නිසා නොවැම්බර් මස 29 යන දිනට ලබාදීමට නියමිතව තිබූ උපාධි ලෝගු, මාල සහ උපාධි හිස්වැසුම් ලබාදිම දෙසැම්බර් මස 02 දින ලබා දීමට තීරණය කර ඇත. වේලාවන් හා ස්ථානය නොවෙනස්ව පවතී.



උපාධි ලෝගු, මාල හා උපාධි හිස්වැසුම් ලබා ගැනිම සහ පෙරහැර අංක නිකුත් කිරිම

2025.11.27

උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන්ට පැළදීම සඳහා අවශ්‍ය උපාධි ලෝගු, මාල සහ උපාධි හිස්වැසුම් නිකුත් කිරීම 2025 නොවැම්බර් මස 29 වැනි දින රුහුණ විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ දී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ලෝගු, මාල හා හිස්වැසුම් ලබා ගැනීම සදහා ඔබගෙ පෙරහැර අංකයට අදාල වෙලාවන් ඇතුලත පැමිණෙන ලෙස දන්වා සිටී. ඔබට ගැටලුවක් පවතීනම් දූර්ස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන්න. මෙයට අදාල වැඩිදුර තොරතුරු පෙර නිවේදනයන්හි දැක්වේ.

Date Time Table No 01 Table No 02
2025.11.29 09.00 am - 12.00 noon Procession No: 244 - 288 Procession No: 289 - 333
1.00 pm - 3.00 pm Procession No: 334 - 355 Procession No: 356 - 387


විශේෂ නිවේදනයයි!
2025 වර්ෂය සඳහා පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවය සම්බන්ධවයි

2025.11.27

රුහුණ විශ්වවිද්‍යාලයීය 2025 උපාධි ප්‍රදානෝත්සවයට අදාළව ලියාපදිංචි වීමේ දී 2025.10.23 දින අපගේ නිල වෙබ් අඩවියට නිකුත් කළ උපාධිඅපේක්ෂකයන්ගේ නාමලේඛනයේ ඇතුළත් වී තිබු ඇතැම් නම් එම උපාධිඅපේක්ෂකයන්ගේ ඉල්ලීම පරිදි සනාථන සභා අනුමැතියට යටත්ව 2025.11.26 වන දින වෙනස් කිරීමට අනුමැතිය ලැබී ඇත. මේ හේතුවෙන් ලියාපදිංචියේ දී මින් පෙර නිකුත් කර තිබු ලෝගු, මාල හා හිස්වැසුම් ලබා ගැනීම හා භාර දීම සඳහා වන අයදුම්පතෙහි සඳහන් පෙරහැර අංකය බහුතරයක් උපාධිඅපේක්ෂකයන්ගේ වෙනස් වී ඇත. එම නිසා ලෝගු, මාල හා හිස්වැසුම් ලබා ගැනීම හා භාර දීම සඳහා වන අයදුම්පත උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වු වෙබ් අඩවිය (https://paravi.ruh.ac.lk/convocation) හරහා නැවත බාගත (download) කර ගන්නා ලෙස මෙයින් ඔබට දැනුම් දෙමි.

ඔබට යම්කිසි ගැටලුවක් වෙතොත් 0412223133 හරහා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය ඇමතිය හැකිය.





උපාධි ලෝගු, මාල හා උපාධි හිස්වැසුම් ලබා ගැනිම සහ පෙරහැර අංක නිකුත් කිරිම

2025.11.21

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන්ට පැළඳීම සඳහා අවශ්‍ය උපාධි ලෝගු 2025 නොවැම්බර් මස 29 දින රුහුණ විශ්වවිද්‍යාලය තුළදී නිකුත් කරනු ලැබේ.

තවද, උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ උපාධිය ප්‍රදානය කරන අවස්ථාව වීඩියෝ/ඡායාරූප ගත කරවා ගැනීමට අවශ්‍ය උපාධිලාභීන්ට විශ්වවිද්‍යාලය මගින් නම් කරන ලද නිල ඡායාරූප ශිල්පීන්/වීඩියෝ ශිල්පීන් මඟින් ඒ සඳහා අවස්ථාව සලසා ඇති අතර, ඒ පිළිබඳ වැඩි විස්තර උපාධි ලෝගු නිකුත් කරන කාලය තුළ දී විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී එකී ඡායාරූප ශිල්පීන් හමු වී ලබා ගත හැකිය.

ඊට අදාල සියලු විස්තර පහත ඇමුණුම් හරහා ලබාගතහැකි අතර සියලු සිසුන් එම විස්තර වෙත අවධානය දෙන මෙන් දන්වා සිටී.


උපාධි ලෝගු සහ මාල ලබා ගැනීම සඳහා "උපාධිලාභීන් පිළිබඳ තොරතුරු සමීක්‍ෂණ ආකෘති පත්‍රය" සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.

instructions Survey Form Registration



උපාධිලාභීන් පිළිබඳ තොරතුරු සමීක්‍ෂණ ආකෘති පත්‍රය

2025.11.06

රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිලාභියෙකු වූ ඔබ පිළිබඳ තොරතුරු රැස්කර ගැනීම සඳහා වන පහත පෝරමය මුදල් ගෙවීමෙන් අනතුරුව නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය (එය මුදල් ගෙවීම තහවුරු කිරීමෙන් පසු දිස්වේ). එම ගූගල් පෝරමය සම්පූර්ණ කර නොමැති උපාධිලාභීන්ට උපාධි ලෝගු නිකුත් නොකරන බව කාරුණිකව සලකන්න. තවද, එය සම්පූර්ණ කිරීමෙන් පසු ඉදිරි තොරතුරු යාවත්කාලීනවීම සිදුවේ.

පෝරමය පිරවීම සඳහා පෙර නිවේදනයහි සඳහන් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. මෙම ගූගල් පෝරමය පිරවීමේදී ශිෂ්‍ය වාර්ථා පොතෙහි සඳහන් අංකය පමණක් යෙදීම අනිවාර්ය වේ (Eg:32526).

දැනට ගෙවීම් හා ශක්‍යතා සමීක්ෂණය සම්පූර්ණ කිරීම් වෙබ් අඩවියහි යාවත්කාලීන කර ඇත.



උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචිය

2025.10.13 (Updated 2025.10.17)


රුහුණ විශ්වවිද්‍යාලයීය 32 වන උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 10, 11 හා 12 තෙදින පැවැත්වීමට නියමිත අතර බාහිර උපාධිලාභීන් සඳහා 2025 දෙසැම්බර් මස 12 වන දින උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිත වේ. පහත නම් ලැයිස්තුවේ නම් සඳහන් සිසුන් සඳහා මෙහි ඇති මාර්ගගත අයදුම්පත හරහා ලියාපදිංචිය කල යුතුය. තවද, උපාධි ප්‍රධානොත්සවය සඳහා රු: 6,500.00 ක (ආපසු නොගෙවන ගාස්තු) මුදලක් ගෙවිය යුතු අතර, ඊට අඳාල ගෙවීම් වවුචර්පත ලියාපදිංචිය අවසානයේ ලබාදෙනු ඇත.

උපාධි ප්‍රදානෝත්සවයට අදාල තොරතුරු දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ වෙබ් අඩවිය (www.dceu.ruh.ac.lk) සහ පහත දක්වා ඇති උපාධි ප්‍රදානෝත්සවයට අදාළ ලියාපදිංචි වන වෙබ් අඩවිය ඔස්සේ පමණක් සිසුන් වෙත දැනුම් දෙන අතර සිසුන් වෙත ලිපි මගින් කිසිදු තොරතුරක් දැනුම්දෙනු නොලැබේ. මේ නිසා උපාධි ප්‍රදානෝත්සවය සම්බන්ධ සියලු සන්නිවේදන කටයුතු සඳහා ඉහත වෙබ් අඩවි ඔස්සේ දිනපතා සම්බන්ධ වී යාවත්කාලීන වන මෙන් දන්වා සිටි. යම්කිසි ගැටලුවක් වෙතොත් 0412223133 හරහා දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන්න.


උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීමේදී පහත කරුණු පිළිබඳ ඉතා සැළකිලිමත් වන ලෙස දන්වා සිටී.

ලියපදිංචි වීම සඳහා පිවිසීමට කරුණාකර ඔබේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළත් කළ යුතුය. ඔබ ශිෂ්‍ය ලියාපදිංචි අංකයේ නිවැරදි ආකෘතිය භාවිතා කර ඇති බවට වග බලා ගත යුතුය.

උදා - ලියාපදිංචි අංකය
  • RU/EXT/A/2010/21240
  • RU/DCEU/HS/2015/17/31548

ජාතික හැඳුනුම්පත් අංකය
  • 892383638V
  • 2000254589322

උපාධි සහතිකයෙහි මුද්‍රණය කිරීමට භාවිතා කරනුයේ මෙහි සඳහන් වන/සඳහන් කරන නම වන අතර, ඔබේ නම නිවැරදිව ඇතුළත් කර ඇති බවට ඔබ විසින් වග බලා ගත යුතුය. උපාධි සහතිකයේ මුද්‍රණය කරන නම මතු අවස්තාවකදී කිසිසේත්ම වෙනස් කරනු නොලැබේ. (උප්පැන්න සහතිකයට අනුව නම නිවැරදිය යුතුය.)

ගෙවීම් සිදුකිරීමෙන් පසුව අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කිරීම සඳහා ගෙවීම් වවුචරය ඔබ සතුව තබා ගත යුතුය.

2025 නොවැම්බර් 10 වැනි දිනට පෙර ඔබේ ගෙවීම් සිදු කළ යුතුය.



Registration Student Name List