උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචිය
2026.09.17
රුහුණ විශ්වවිද්‍යාලයීය 33 වන උපාධි ප්‍රදානෝත්සවය 2026 නොවැම්බර් මස 18, 19, හා 20 තෙදින පැවැත්වීමට නියමිත අතර බාහිර උපාධිලාභීන් සඳහා 2026 නොවැම්බර් මස 20 වන දින උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිත වේ. පහත නම් ලැයිස්තුවේ නම් සඳහන් සිසුන් සඳහා මෙහි ඇති මාර්ගගත අයදුම්පත හරහා ලියාපදිංචිය කල යුතුය. තවද, උපාධි ප්‍රධානොත්සවය සඳහා රු: 6,500.00 ක (ආපසු නොගෙවන ගාස්තු) මුදලක් ගෙවිය යුතු අතර, ඊට අඳාල ගෙවීම් වවුචර්පත ලියාපදිංචිය අවසානයේ ලබාදෙනු ඇත.
උපාධි ප්‍රදානෝත්සවයට අදාල තොරතුරු දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ වෙබ් අඩවිය (www.dceu.ruh.ac.lk) සහ පහත දක්වා ඇති උපාධි ප්‍රදානෝත්සවයට අදාළ ලියාපදිංචි වන වෙබ් අඩවිය ඔස්සේ පමණක් සිසුන් වෙත දැනුම් දෙන අතර සිසුන් වෙත ලිපි මගින් කිසිදු තොරතුරක් දැනුම්දෙනු නොලැබේ. මේ නිසා උපාධි ප්‍රදානෝත්සවය සම්බන්ධ සියලු සන්නිවේදන කටයුතු සඳහා ඉහත වෙබ් අඩවි ඔස්සේ දිනපතා සම්බන්ධ වී යාවත්කාලීන වන මෙන් දන්වා සිටි. යම්කිසි ගැටලුවක් වෙතොත් 0412223133 හරහා දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන්න.
උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීමේදී පහත කරුණු පිළිබඳ ඉතා සැළකිලිමත් වන ලෙස දන්වා සිටී.
ලියපදිංචි වීම සඳහා පිවිසීමට කරුණාකර ඔබේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළත් කළ යුතුය. ඔබ ශිෂ්‍ය ලියාපදිංචි අංකයේ නිවැරදි ආකෘතිය භාවිතා කර ඇති බවට වග බලා ගත යුතුය.
- RU/EXT/A/2010/21240
- RU/DCEU/HS/2015/17/31548
ජාතික හැඳුනුම්පත් අංකය
- 892383638V
- 2000254589322
උපාධි සහතිකයෙහි මුද්‍රණය කිරීමට භාවිතා කරනුයේ මෙහි සඳහන් වන/සඳහන් කරන නම වන අතර, ඔබේ නම නිවැරදිව ඇතුළත් කර ඇති බවට ඔබ විසින් වග බලා ගත යුතුය. උපාධි සහතිකයේ මුද්‍රණය කරන නම මතු අවස්තාවකදී කිසිසේත්ම වෙනස් කරනු නොලැබේ. (උප්පැන්න සහතිකයට අනුව නම නිවැරදිය යුතුය.)
ගෙවීම් සිදුකිරීමෙන් පසුව අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කිරීම සඳහා ගෙවීම් වවුචරය ඔබ සතුව තබා ගත යුතුය.
2026 සැප්තැම්බර් 30 වැනි දිනට පෙර ඔබේ ගෙවීම් සිදු කළ යුතුය.
Registration Student Name List
