Frequently Asked Questions (FAQs)



Applications are usually called once a year for each course. When applications available for any courses, DCEU will publish web notices on this website along with newspaper advertisement and social media publish. On that time interest parties can obtain application and instructions from above mentioned methods.

එක් එක් පාඨමාලා සඳහා වසරකට වරක් අයදුම්පත් කැඳවනු ලැබේ (හේතූන්මත වෙනස් විය හැක). ඕනෑම පාඨමාලා සඳහා අයදුම්පත් කැදවීමේදී, DCEU විසින් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ප්‍රකාශන සමඟ වෙබ් නිවේදන පළ කරනු ඇත. එම කාලය තුළ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ක්‍රමවලින් අයදුම්පත් සහ උපදෙස් ලබා ගත හැක.
DCEU web include almost all details regarding study programmes. If anyone needs more details, feel free to contact programme coordinators or DCEU. Further, You can get coordinators contact details from below link

අධ්‍යයන වැඩසටහන් සම්බන්ධ සියලුම විස්තර DCEU වෙබ් අඩවියට ඇතුළත් වේ. යමෙකුට වැඩි විස්තර අවශ්‍ය නම්, පාඨමාලා සම්බන්ධීකාරක හෝ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය හා සම්බන්ධ කර ගැනීමට කාරුණික වන්න. තවද, ඔබට පහත සබැඳියෙන් පාඨමාලා සම්බන්ධීකාරක සම්බන්ධතා තොරතුරු ලබා ගත හැක.


Coordinators Detils
Yes. Our unit offers courses for school leavers who are not selected for state universities, adults and employed people.
ඔව්, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා තෝරා නොගත් පාසල් හැර ගිය අය, වැඩිහිටියන් සහ රැකියා නියුක්තිකයන් සඳහා අපගේ ඒකකය මගින් පාඨමාලා හැදෑරිය හැක.

The flexible teaching-learning model is suited to those who are employed to achieve their higher education ambitions. All courses are delivered on weekends.
නම්‍යශීලී ඉගැන්වීම්-ඉගෙනුම් ආකෘතිය ඔවුන්ගේ උසස් අධ්‍යාපන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රැකියා කරන අයට විශේෂයෙන් ගැලපේ. එසේම, සියලුම පාඨමාලා සති අන්තවල වලදී පවත්වනු ලැබේ.
Please refer attached Document ( This apply only for students who register for 18th batch and below / කරුණාකර අමුණා ඇති ලේඛනය බලන්න ( මෙය 19වන ශිෂ්‍ය කණ්ඩායමට පෙර සිසුන් සඳහා පමණක් අඳාල වේ.)


LMS Guide LMS Guide New
Please refer below link to download payment Voucher

Link to down payment voucher


Steps to download voucher

  1. Goto above URL / ඉහත යොමුව වෙත පිවිසෙන්න.
  2. Select payment category / ගෙවීම් කාණ්ඩය තෝරන්න (Eg: Course fee )
  3. Then type registration number / ඉන්පසු ලියාපදිංචි අංකය ටයිප් කරන්න (Eg : temp_STQM/10 OR 10)
  4. Then select the respective course / ඉන්පසු අදාළ පාඨමාලාව තෝරන්න ( Eg: Bachelor of Arts External Degree)
  5. Then type installment amount / ඉන්පසු වාරික මුදල ටයිප් කරන්න( Eg: 28000)
  6. Then Click on "View" Button /ඉන්පසු "View" බොත්තම මත ක්ලික් කරන්න
  7. Then another button named "Download Payment Voucher" will appear and click on it to download the voucher / එවිට "Download Payment Voucher" නම් තවත් බොත්තමක් දිස්වන අතර වවුචරය බාගත කිරීම සඳහා එය මත ක්ලික් කරන්න


Candidates are strictly advised to feed correct information (Course mentioned above, Registration number and Payment Category). University is not responsible for any payments without correct information and reference number. ( In here reference number means 15 digit number)
මෙම වෙබ් අඩවිය හරහා මුදල් වවුචර්පත බාගත කිරීමේදී එයට අදාල නිවැරදි තොරතුරු ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටින අතර, වැරදි තොරතුරු ඇතුලත් කිරීමෙන් ලැබෙන යොමු අංකය හරහා සිදු කරන්නා වූ ගෙවීම් පිලිබඳ විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.( මෙහි යොමු අංකය යනු අංක 15 කින් සමන්විත වූවකි.)

When making a payment through this voucher, you must complete a cash deposit voucher of People's Bank and use the reference number of the downloaded voucher as its account number and account name "Collection Account - University of Ruhuna". Please contact our unit for payment related issues.
මෙම වවුචර්පත මගින් ගෙවීම් සිදුකිරීමේදී මහජන බැංකුවහි මුදල් තැන්පතු වවුචර්පතක්ද සම්පූර්ණ කල යුතු අතර එහි ගිණුම් අංකය ලෙස බාගත කරගත් වවුචර්පතහි සඳහන් යොමු අංකය (Reference Number) භාවිතා කල යුතුය. ගෙවීම් සිදුකිරිමට අදාල ගැටලු සඳහා අප ඒකකය අමතන්න.

අදාළ ප්‍රශ්න පත්‍රය අවසන් වී දින හතක් ඇතුලත

  • විභාග ප්‍රවේශ පත්‍රය
  • වෛද්‍ය සහතික අයදුම්පත
  • වෛද්‍ය සහතිකය කාර්යාලයට ඉදිරිපත් කිරීම කල යුතුය
පසුව,
  • එම වෛද්‍ය සහතික දුක් ගැනිවිලි කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීම.
  • වෛද්‍ය නිලධාරී විසින් අනුමත කරන ලද වෛද්‍ය සහතික අධ්‍යයන කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  • අධ්‍යයන කමිටුව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය සහතික පීඨ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
  • පිඨ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය සහතික සනාතන සභාව වෙත ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ.
සනාතන සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය සහතික අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

Medical Submission Form / විභාගය සඳහා පෙනී නොසිටීම සම්බන්ධයෙන් වෛද්‍ය සහතික ඉදිරිපත් කරීමේ අයදුම්පත
ශිෂ්‍ය වාර්ථා පොත හෝ හැදුනුම්පත අස්ථානගත වී ඇති බවට ග්‍රාම නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද ලිපිය හෝ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලෙහි පිටපතක් අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුය.
මීට අමතරව,
  • ඉහත කාරණාවට අඳාලව ඉල්ලීම් ලිපිය
  • සහතික කරන ලද ජායා රූප 2ක් (අගල් 2 x 2 1/2)
  • ඉල්ලීමක් කරන ලද ලිපිය
  • රු 750.00 ක් ගෙවන ලද බැංකු රිසිට්පත ලබා දිය යුතුය.
ඔබ විභාගය සම්පූර්ණ අඳාල ප්‍රථිපල නිකුත් කල පසු. වෙබ් අඩවියේ පල කර ඇති අයදුම්පත්‍රය සම්පුර්ණ කර , රුපියල් 2000ක මුදලක් "සහතික පත්‍ර ගාස්තු යටතේ ගෙවා" මුදල් ගෙවූ රිසිට්පත සමඟ තැපෑල මගින් හෝ රැගෙනවිත් භාර දිය යුතුය. ( අඳාල ගාස්තු පාඨමාලාව අනුව වෙනස් විය හැක. )

පසුව භාරදුන් අයදුම්පත හා ප්‍රථිපල ලේඛනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා ගත් ප්‍රථිපල ලේඛනය අදාළ නිලධාරීන් විසින් පරීක්‍ෂා කර සහකාර ලේඛකාධිකාරී විසින් සනාථ කර අදාළ ශිෂ්‍යයා වෙත ලබා දීම හෝ තැපෑල මගින් ලබා දෙනු ලැබේ.

Application

සිසුන් විසින් ඉදිරිපත් කරනු ලබන සිසු ගැටළු ඉදිරිපත් කිරීමේ අයදුම්පත් දුක්ගැනවිලි කමිටුව වෙත ඉදිරිපත් කිරීම.

කමිටුව විසින් ගනු ලබන තීරණ අධ්‍යන මණ්ඩල වෙත ඉදිරිපත් කිරීම.

අධ්‍යන මණ්ඩල මගින් සනාතන සභාව වෙත ඉදිරිපත් කිරීම.

සනාතන සභාව විසින් එම තීරණ අනුමත කිරීමෙන් පසුව අදාළ සිසුන් වෙත දැනුවත් කරනු ලබයි.( මේ සඳහා අවම වශයෙන් මාස 5ක කල සීමාවක් ගතවේ.)

වැඩිදුර විස්තර
  • විභාගය ප්‍රතිඵල නිකුත් කර දින 14 ක් තුල අයදුම්පත් ඉදිරිපත් කල යුතුයි.
  • වෙබ් අඩවිය හරහා අදාල ලියාපදිංචි අයදුම්පත බාගත කර අයදුම්පත සම්පුර්ණ කර ගාස්තු ගෙවිය යුතුය.
  • එක විෂය කොටසක් සදහා එක් අයදුම්පත බැගින් ඉදිරිපත් කල යුතුයි.
  • විෂය කොටසක් සදහා රු. 1000/= බැගින් ගෙවීම් කල යුතුයි.
  • වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල දැනුම් දීම සිදු කරනු ලබයි.
පැරණි විෂය නිර්දේශය
  • ප්‍රථම ශාස්ත්‍ර පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ප්‍රථම භාග පරීක්ෂණය සදහා ලියාපදිංචි විය යුතුය.
  • ප්‍රථම භාග පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ද්විතීය භාග පරීක්ෂණය සදහා ලියාපදිංචි විය යුතුය.
  • වෙබ් අඩවිය හරහා අදාල ලියාපදිංචි අයදුම්පත බාගත කර අයදුම්පත සම්පුර්ණ කර ගාස්තු ගෙවිය යුතුය.
  • දූරස්ථ හා අඛණඩ අධයාපන ඒකකයට පැමිණ තමා සතු ශිෂ්‍ය වාර්තා පොතෙහි ලියාපදිංචි තොරතුරු සටහන් කරගැනීම අනිවාර්‍ය වේ.