• මනෝවිද්‍යාත්මක උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව

    සමාජවිද්‍යා අධ්‍යයනාංශය

    රුහුණ විශ්වවිද්‍යාලය

  • මනෝවිද්‍යාත්මක උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව

    සමාජවිද්‍යා අධ්‍යයනාංශය

    රුහුණ විශ්වවිද්‍යාලය




පාඨමාලාවේ ආරම්භය:

පාඨමාලාවේ ආරම්භය හා බඳවාගැනීම් තොරතුරු ලබා ගැනීමට, කරුණාකර පාඨමාලා සම්බන්ධීකාරක, සමාජවිද්‍යා අධ්‍යයනාංශය හෝ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය සමඟ සම්බන්ධ වන්න

සමාජවිද්‍යා අධ්‍යයනාංශය -041 - 2222681 Ext 3702/3703 / sociology@hss.ruh.ac.lk
කථිකාචාර්ය එන්.ජී.යූ.එස්. විජේපාල (සම්බන්ධීකාරක) - +94 715724858
දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය - +94412223133 / ardceu@dceu.ruh.ac.lk


කාලය: අවුරුදු 1

රුහුණ විශ්වවිද්‍යාලීය දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මගින් පවත්වනු ලබන සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලාවන් විශ්වවිද්‍යාලයේ සනාතන සභාව සහ පාලක සභාව විසින් අනුමත කරන ලද පාඨමාලා වේ.




පාඨමාලාවට අඳාළ තොරතුරු

මනෝවිද්‍යාත්මක උපදේශනය යනු යම් ගැටලූවකට මැදිහත් වී ඇති පුද්ගලයකුට ඔහු සතු ශක්තීන් තුළින්ම ගැටලූවෙන් මිදීමේ හැකියාව ලබා දෙන යාන්ත්‍රණයකි. ඇතැම් විට මෙය පුද්ගල හෝ සමාජ ප්‍රශ්නයක් විය හැකිය. බොහෝ විද්වතුන් සඳහන් කරන පරිදි පුද්ගලයන්ට විවිධ අවස්ථාවල දී මුහුණ දීමට සිදුවන ජීවන ගැටලූ, පරාජයන් හා පීඩන හමුවේ නොසැලී සිටීමට හා ඒවාට විසදුම් සපයා ගැනීමට උපදේශනය සාර්ථකව ප්‍රයෝජනවත් වී තිබේ. උපදේශනය වනාහී පුද්ගලයන් ගැටලූවලට මැදිහත් වීමේ දී පමණක් උපකාරී වන්නක් නොවේ. පුද්ගලයන් තුළ සැඟවී ඇති දක‍ෂතා වර්ධනය කර ගැනීමට, තමාගේ අනාගත ගමන් මාර්ගය සැලසුම් කර ගැනීමට, අතීත හා වර්තමාන ගැටලූ තුළින් අනාගත අපේක‍ෂා වර්ධනය කර ගැනීමට ද උපදේශනය මහෝපකාරී වේ. තමා තුළින් ම තමාව හදුනා ගැනීම කෙරෙහි මනෝවිද්‍යාත්මක උපදේශනය ප්‍රබල හේතුකාරකයක් වී ඇත. මේ අනුව මනෝවිද්‍යාත්මක උපදේශනය යනු ඒ හා සම්බන්ධ අධ්‍යාපනය ලබා දීමක් පමණක් නොවේ.

එය පුද්ගල ගැටලූ විසඳීමට හා පුද්ගල පෞරුෂය වර්ධනය කිරීමට උපකාර වන සාර්ථක මැදිහත් වීමකිිි. එබැවින් සාර්ථක උපදේශන මැදිහත්කරුවෙක් සතුව එම විෂය සම්බන්ධව මනා දැනීමක් හා පුහුණුවක් පැවතීම වැදගත් වේ.

මෙම අවශ්‍යතාවයන් සපුරාගැනීම අරමුණු කර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මගින් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සංවිධානය කරනු ලබයි.

ඉලක්ක ගත කණ්ඩායම්

  • සමාජ සුබසාධන, ප්‍රජා සංවර්ධන, ආරක්ෂක, සෞඛ්‍ය, ගුරු වෘත්තියේ හා උපදේශන ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවුවන්ට හා එම ක්ෂේත්‍රයෙහි රැකියා අපේක්ෂා කරන්නන්ට
  • මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නන්ට

නිති අසන පැන

  1. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) එක් වරකදී විෂයයන් 3 ක් සමඟ සමත් වීම

  2. හෝ

  3. පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් උසස් සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම හා විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණයකින් සමත් වීම.

  4. හෝ

  5. රුහුණ විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මඟින් පිළිගනු ලබන අ.පො.ස. උසස් පෙළ විභාගයට සමාන විභාගයකින් සමත් වී තිබීම.
පාඨමාලාවේ කාලය මාස 12 කි.

  • සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා පාඨමාලාවේ දේශන පැවැත්වේ. දිනකට දේශන පැය ගණන පැය 08 කි. මීට අමතරව කේෂ්ත්‍ර අධ්‍යයන කටයුතු හා පැවරුම් සම්පුර්ණ කළ යුතුය.
  1. පංති කාමර අධ්‍යයන
  2. අභ්‍යාස, භූමිකා රංගන
  3. ශ්‍රව්‍ය / දෘශ්‍ය ඉදිරිපත් කිරීම්
  4. පැවරුම් හා නිබන්ධන
  5. ප්‍රායෝගික අභ්‍යාස හා පුහුණුවීම්
  6. ක්ෂේත්‍රීය කටයුතු පුහුණුව
  7. අවසන් ලිඛිත පරීක‍ෂණය

පහත සඳහන් අවශ්‍යතා සපුරාලන ලද ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා සහතික පත්‍රය ලැබීමට සුදුසුකම් ලබති.


  1. සියළුම පංති කාමර දේශන සහ ක්ෂේත්‍ර පැවරුම් හා අභ්‍යාස වලට සහභාගීවීම හා 80% ක පැමිණීම සම්පූර්ණ කර තිබීම.
  2. සෑම ලිඛිත පැවරුමකටම අවම වශයෙන් 40% ක ලකුණු ලබා තිබීම.
  3. අවසාන ලිඛිත පරීක්ෂණයෙන් සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අවම වශයෙන් 40% ක සාමාන්‍යයක් ලැබීම.

සම්මුඛ පරීක්ෂණය හා ලියාපදිංචිය

අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය මඟින් තෝරාගනු ලැබේ. තෝරාගත් අයදුම්කරුවන් ලියාපදිංචි වීමේදී පාඨමාලා ගාස්තුවෙන්, පළමු වාරිකය රු: 35000.00 ක් ගෙවිය යුතු අතර ඉතිරිය පාඨමාලාව ආරම්භ වී මාස තුනක් ඇතුළත ගෙවීම අනිවාර්ය වේ.

  • සම්පුර්ණ ගාස්තුව
  • රු: 60000.00


* ඉහත පාඨමාලා ගාස්තු 2018 වර්ෂයහි පාඨමාලාව බඳවා ගැනීම් සඳහා අඳාල වේ. ඉදිරි වර්ෂ සඳහා මෙම ගාස්තු වෙනස් විය හැකි බව සලකන්න.



වැඩි විස්තර ලබා ගැනීමට කරුණාකර අප හා සම්බන්ධ වන්න.


සමාජවිද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය
මාතර.

දුරකථන අංක: 041 - 2222681 Ext 3702/3703
ඊමේල් ලිපිනය: sociology@hss.ruh.ac.lk