Convocation - 2023 December



උපාධි ප්‍රධානොත්සවය - උපදෙස්

උපාධි ප්‍රධානොත්සවය අදාල වැඩිදුර උපදෙස් පහත ඇමුණුම් හරහා ලබා ගන්න. තවද, උපාධි ප්‍රධානොත්සවයදී ඔබගේ නම කියවනු ලබන ආකාරය ද පහත ඇමුණුම හරහා දැනුවත්වන ලෙස දන්වා සිටී.

Instruction Name with Initials


උපාධි ලෝගු, මාල හා උපාධි හිස්වැසුම් ලබා ගැනිම සහ පෙරහැර අංක නිකුත් කිරිම

2023.12.08

උපාධි ප්‍රධානොත්සවය අදාල උපදෙස් හා ඡයාරූප මිල ගනන් තොරතුරු පහත ඇමුණුම් හරහා ලබා ගන්න.

Instruction 01 Instruction 02 Photography Prices

2023.12.06

මේ සමග අමුණා ඇති ලේඛනය පරිදි ලෝගු, මාල සහ හිස්වැසුම් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස දන්වමි.

Cloak Issuing Schedule DCEU

2023.12.04

උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන්ට පැළදීම සඳහා අවශ්‍ය උපාධි ලෝගු, මාල සහ උපාධි හිස්වැසුම් නිකුත් කිරීම 2023 දෙසැම්බර් මස 09 වැනි දින රුහුණ විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකයේ දී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ඊට අදාල තොරතුරු අදාල ඇමුණුම් හරහා ලබාගත හැක.

උපාධි ලෝගු, මාල සහ හිස් වැසුම් ලබා ගැනීමට පැමිණීමේදී ඔබ විසින් උපාධි ප්‍රදානනෝත්සවය සඳහා ලියාපදිංචි වූ වෙබ් අඩවිය (www.paravi.ruh.ac.lk/convocation) හරහා ලෝගු, මාල සහ හිස්වැසුම් ලබා ගැනීම/භාර දීම සඳහා වන අයදුම්පත බාගත (download) කර, එහි මුද්‍රිත පිටපතක් අදාළ දින රැගෙන පැමිණිය යුතු ය.

සැලකිය යුතුයි: ප්‍රශ්නාවලිය හා අදාළ ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ලෝගු, මාල සහ හිස්වැසුම් ලබා ගැනීම/භාර දීමට අදාළ අයදුම්පත බාගත (download) කළ හැකි ය.


ලෝගු නිකුත් කරන දිනය : 2023.12.09
ලෝගු නිකුත් කරන වේලාව : පෙ.ව. 10.00 සිට ප.ව. 02.00
ස්ථානය: දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය/ රුහුණ විශ්වවිද්‍යාලය


බාහිර උපාධිලාභීන් 2023.12.15 වැනි දින උපාධි ප්‍රදානෝත්සවයේ සය වන (06) සැසියේ දී උපාධි ලැබීමට නියමිත අතර ඔබට අඳාල පෙරහැර අංකය, ලෝගු, මාල හා උපාධි හිස්වැසුම් ලබා ගැනීම සහ ආපසු භාරදීම පිළිබඳ උපදෙස් ආදී සියලු තොරතුරු මෙයට අමුණා ඇති අතර අදාල ඇමුණුම් නිවැරදිව අධ්‍යයනය කර ලෝගු ලබා ගැනීමට පැමිණිය යුතුය. උපාධි ප්‍රදානෝත්සවය ශාලාව තුළ සහ උපාධි ඡායාරූප ගැනීම පිළිබඳ තොරතුරු පසුව යාවත්කාලීන කරනු ලබයි.

Registration System Procession No (Perehara No) Session Schedule Instructions Cloak Issuing Schedule Cloak Returning Schedule


ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිලාභින්ගේ සමූහ ඡායාරූපය ලබාගැනීම (2023 උපාධි ප්‍රදානෝත්සවය)

2023.11.27

2023 උපාධි ප්‍රදානෝත්සවය සඳහා සුදුසුකම් ලබන ලද ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සම්පූර් ණ කරල ලද උපාධිලාභින්ගේ සමූහ ඡායාරුපය ගැනිම 2023.12.09 වන දින පෙරවරු 09.30ට විශ්වවිද්‍යාල ක්‍රීඩා මණ්ඩපයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

සමුහ ඡායාරූපය සඳහා සැරසිය යුතු ආකාරය පහතින් දක්වා ඇත.

  • ශිෂ්‍යයන් -කලු කලිසම සහ සුදු ෂර් ට් එකට ඉහලින් දැමූ කලු කෝට් එක සමග රතු ටයි පටියෙන් සැරසිය යුතුය. (සපත්තු කුට්ටම සහ බඳ පටිය කලු වර්ණයෙන් පැළඳීමට සැලකිලිමත් වන්න)
  • ශිෂ්‍යාවන් - තනි සුදු සාරියෙන් සහ සුදු මුතුඇට පොටකින් සැරසී සිටීම සහ කොන්ඩය ගෙඩියක් ලෙස සරසා තිබීම

සමුහ ඡායාරූපය සඳහා පෙනීසිටීමට අපේක්ෂා කරන සිසුන් පහත සඳහන් ගූගල් පෝරමය (Google form) 2023.11.30 දිනට පෙර සම්පූර්ණ කර යුතුය.
ඡායාරූප වෙනුවෙන් අයකරන ගාස්තු සහ ඊට අඳාල වැඩිදුර තොරතුරු දැනගැනීමට සඳහා පහත සිසුන් සම්බන්ද කරගැනීමට කටයුතු කරන්න.

  • දිලීෂා - 0775108065 (වට්ස් ඇප්)
  • අනෝජ්-0706625915 (වට්ස් ඇප්)
  • උපේක්ෂා -0729931126
  • රොශානි -0764139554 (වට්ස් ඇප්)
  • සම්පත් -0778690200 (වට්ස් ඇප්)
Google Form


උපාධිලාභීන් පිළිබඳ තොරතුරු සමීක්‍ෂණ ආකෘති පත්‍රය

2023.11.06

රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිලාභියෙකු වූ ඔබ පිළිබඳ තොරතුරු රැස්කර ගැනීම සඳහා ආකෘති පත්‍රයක් පහත යොමුව හරහා වෙබ් මුදාහැර ඇත. එම අකෘතිපත්‍රය 2023.11.18 දිනට පෙර නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය.

එම ආකෘති පත්‍රය සම්පූර්ණ කර නොමැති උපාධිලාභීන්ට උපාධි ලෝගු නිකුත් නොකරන බව කාරුණිකව සලකන්න.

Survey Form



උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචිය


පහත නම් ලැයිස්තුවේ නම් සඳහන් සිසුන් සඳහා 30 වන උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව පැවැත්වෙන 16 වන බාහිර උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි ලැබීමට නියමිතය. උපාධි ප්‍රදානෝත්සවය 2023 දෙසැම්බර් මස 14 හා 15 දෙදින පැවැත්වීමට නියමිත අතර මෙම ඇති මාර්ගගත අයදුම්පත හරහා ලියාපදිංචිය සිදුකරනු ලැබේ. තවද, උපාධි ප්‍රධානොත්සවය සඳහා රු: 9,500.00 ක (ආපසු නොගෙවන ගාස්තුව - රු. 6,000.00 සහ ආපසු ගෙවන ගාස්තුව - රු. 3,500.00) මුදලක් ගෙවිය යුතු අතර, ඊට අඳාල ගෙවීම් වවුචර්පත ලියාපදිංචිය අවසානයේ ලබාදෙනු ඇත.

උපාධි ප්‍රදානෝත්සවයට අදාල සියලු තොරතුරු www.dceu.ruh.ac.lk වෙබ් අඩවිය ඔස්සේ පමණක් සිසුන් වෙත දැනුම් දෙන අතර සිසුන් වෙත ලිපි මගින් කිසිදු තොරතුරක් දැනුම්දෙනු නොලැබේ. මේ නිසා උපාධි ප්‍රදානෝත්සවය සම්බන්ධ සියලු සන්නිවේදන කටයුතු සඳහා www.dceu.ruh.ac.lk වෙබ් අඩවිය ඔස්සේ දිනපතා සම්බන්ධ වී යාවත්කාලීන වන මෙන් දන්වා සිටි. යම්කිසි ගැටලුවක් වෙතොත් 0412223133 හරහා දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය අමතන්න.


උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීමේදී පහත කරුණු පිළිබඳ ඉතා සැළකිලිමත් වන ලෙස දන්වා සිටී.

ලියපදිංචි වීම සඳහා පිවිසීමට කරුණාකර ඔබේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළත් කරන්න. ඔබ ශිෂ්‍ය ලියාපදිංචි අංකයේ නිවැරදි ආකෘතිය භාවිතා කර ඇති බවට වග බලා ගත යුතුය.

උදා - ලියාපදිංචි අංකය
  • RU/EXT/A/2010/21240
  • RU/DCEU/HS/2015/17/31548

ජාතික හැඳුනුම්පත් අංකය
  • 892383638V
  • 2000254589322

උපාධි සහතිකයෙහි මුද්‍රණය කිරීමට භාවිතා කරනුයේ මෙහි සඳහන් වන/සඳහන් කරන නම වන අතර, ඔබේ නම නිවැරදිව ඇතුළත් කර ඇති බවට ඔබ විසින් වග බලා ගත යුතුය. උපාධි සහතිකයේ මුද්‍රණය කරන නම මතු අවස්තාවකදී කිසිසේත්ම වෙනස් කරනු නොලැබේ. (උප්පැන්න සහතිකයට අනුව නම නිවැරදිය යුතුය.)

සියලුම සන්නිවේදනයන් විද්‍යුත් තැපෑල හා වෙබ් අඩවිය හරහා සිදු කෙරේ. ඒ අනුව ඔබ ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න.

ගෙවීම් සිදුකිරීමෙන් පසුව අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කිරීම සඳහා ගෙවීම් වවුචරය ඔබ සතුව තබා ගත යුතුය.

2023 නොවැම්බර් 01 වැනි දිනට පෙර ඔබේ ගෙවීම් සිදු කළ යුතුය.



Registration Form Student Name List (Updated)